Our Story

2018-2019 මුල් කාලයේ අපි තුන් දෙනෙක් එකතු වෙලා විසිතුරු මසුන් අභිජනන හා අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන රජයේ ආයතන දෙකකින් එයට අවශ්‍ය පුහුනුවීම් කරලා අවසානයේ ව්‍යාපාරය ආරම්භ කරන්න මුදල් සොයාද්දි, නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් සහන ණයක් රජයෙන් ලබා දුන්නා. නමුත් බැංකු වලට ගිහින් ඇහුවම කිවුවේ එක්කෝ Pay Sheet තියෙන්න ඕන නැත්නම් ව්‍යාපාරයක් කරන් යන අයට විතරයි ණයක් දෙන්නේ කියලා. හැබැයි මේ ණය ක්‍රමය හදල තිබුනෙම අලුතින් බිස්නස් පටන්ගන්න අය වෙනුවෙන්. ඕක තමයි ලංකාවේ තත්වය.
    • ව්‍යාපාරික දැනුම, කළමනාකරන ගැටළු නිසා ව්‍යාපාර අසාර්ථක වුනු අය. 
    • හදන නිෂ්පාදන වෙලදපළට ගෙනියන්න අපහසු අය
    • තාක්ෂණික දැනුම නැති අය
    • මුදල් නොමැති අය
    • අනුමැති ගැනිමට නොහැකි අය
    • ඉඩමක් නැති අය
වගේ විවිධ ගැටළු තියන විශාල පිරිසක් මුන ගැහුනා.
ඒක පටන් ගන්න අමාරු නිසා හදුන් කූරු නිෂපාදන අතින් කරන්න පටන් ගත්තා ඔය කාලයේදි AG Office එක හරහා කුඩා ව්‍යාපාර අංශයෙන් අපනයන හා ඇසුරුම් කරණ පුහුනු වැඩසටහනක් තිබුනා ඒකට අපි දෙන්නයි ඒ යාළුවයි ගියා
එතන වැඩිපුර හිටියේ වයසින් ගොඩක් වැඩි සහ අපනයන මට්ටමට කිරිමට සුදානම් වු කිහිප දෙනෙකුත් හිටිය. එ හැමොම එක්ක කථාකරන්න අත්දැකීම් හුවමාරු  කරගන්න අවස්ථාව අපිට ලැබුනා.

Revolution Build Up

එතනදි ඒ වැඩසටහන කරපු මිස් කෙනෙක් අපි දෙන්නා එක්ක කතා කරපු දේවල් වලින් අපේ හැසිරිමෙන් අපිට කිවුවේ දවසක ඔයාලා මිනිස්සුන්ගේ ගින්දර නිවන්න පුළුවන් ව්‍යාපරයක් ආරම්භ කරන්න කියලා ඔන්න ඕක තමයි අපේ ඔලුවට වැදුනේ.
කාලයත් සමග විවිධ පුහුනු වැඩ සටහන් රාශියකට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාවද ලැබුනා. එ හැම අවස්ථාවකම වැඩි පිරිසක් හම්බ වුනේ හොද නිෂ්පාදන තිබුනත් ආර්ථික ගැටළු නිසා ව්‍යාපාරය අරම්භ කර ගන්න බැරිවුන අය. එ නිසා අපි තිරනය කරා ලංකා වේ ඉන්න විවිධ ගැටළු නිසා ව්‍යාපාර අරම්භ කරන්න බැරිවුන පිරිසක් එක්තුකරගමු කියලා  
එදා ඉදන් අවු2-3 විතර අපි කරේ ව්‍යාපාර වලදි එන ගැටළු වලට පහසුවෙන් මුහුන දෙන්න පුළුවන් කාගෙත් ගින්දර නිවන්න පුළුවන් ව්‍යාපාරයක් අරම්භ කරන්න සැලසුම් කරපු එක.
 ඒහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ කතා කරන Pure Heart Family කියන ව්‍යාපරික පවුල ගොඩ නැගිමේ සංකල්පය නිර්මාණය වුනේ.

Our Vision

ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ බලවේගය වෙමින්, ඔවුන් ආර්ථික කායික මානසික සමාජිය හා අධ්‍යාත්මිව සර්ථක ප්‍රජාවක් බවට පත් කරමින්, සැමට තිරසාර හා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදන, තාක්‍ෂණය සහ සේවා නව්‍යකරණයෙන් ලංකාව තුළ නිර්මාණය වු විශාලතම ව්‍යාපාර ජාලය වීම.

Our Missions

අපගේ මෙහෙවර වන්නේ ආර්ථික, ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගන්වන දියුණු ව්‍යාපාරික පවුලක් ගොඩනැගීමයි. රටේ විශාලතම, වඩාත්ම සාර්ථක ව්‍යාපාරික ජාලය ස්ථාපිත කරමින් සැමට තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කරමින් නිෂ්පාදන, තාක්‍ෂණය සහ සේවාවන්හි නවෝත්පාදනයන් පෝෂණය කිරීම අපගේ අරමුණයි.

Our Journey

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping